රූපය නැමැති අරමුණ ගැටීමට සුදුසු වන සේ සතර මහා ධාතූන්ගෙන් හටගත් ප්‍රසාදය හෙවත් රූප දැකීමෙහි කැමැත්ත මුල් කොට ඇති තණ්හාව නිසා, කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදය 'චක්ඛු ප්‍රසාදය' නමින් හඳුන්වයි. සම්පූර්ණ ඇසම චක්ඛු ප්‍රසාදය නමින් හඳුන්වන්නේ නැත. ඇසෙහි කළු ඉංගිරියාව මැද රූපවල ඡායාව වැදෙන ඉතා කුඩා ස්ථානයක් ඇත. පාසල් විද්‍යාවේදී අප 'කහ ලපය' (Yellow spot) යන නමින් ඉගෙන ගත්තේ එම ස්ථානයයි. එම ඉතා කුඩා සියුම් ස්ථානය චක්ඛු ප්‍රසාද රූපය නමින් හඳුන්වන බව මැනවින් තේරුම් ගත යුතුය. එහි රූපයන්ගේ ඡායාව වැදුණු විට 'රූප දැකීම' නමින් හඳුන්වන ක්‍රියාව සිදුවන බව වටහා ගත යුතුය.