පොත් ලැයිස්තුව

නත්ථි ලෝකේ ශ්‍රමණභ්‍රහ්මණා..

star_outline

​මෙලොව පරලොව තමාගේම නුවණින් දැනගෙන ලොවට ප්‍රකාශ කරන මහණ බමුණෝ නැත. මෙම මිථ්‍යාදෘෂ්ටිය ගත් තැනැත්තෝ ලොව්තුරා බුදුවරුන්, පසේබුදුවරුන් පිළිගන්නේ නැත.

​මෙම දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය ඉතා බලවත්ය. අත නොහැරියොත් මරණින් මතු ඒකාන්තයෙන් අපාගාමී වන්නේය. අකුසලයන් අතර බලවත්ම අකුසලය වන්නේද මිථ්‍යාදෘෂ්ටියයි.

​මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා: මිථ්‍යා දෘෂ්ටියෙන් යුතුව පින් පව් විශ්වාස නොකිරීම නිසා අකුසල කර්මයන්හි යෙදීම 'මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වීම' යැයි කියනු ලැබේ.

​මෙම අංගයන්ගෙන් යුක්ත වූ සත්ත්වයෝ කය බිඳී මරණින් මතු බොහෝ දුක් ඇති නිරයෙහි හෝ තිරිසන් ලෝකයෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපත ලබති.