පොත් ලැයිස්තුව

මිච්ඡාදිට්ඨි කම්ම සමාදාන සූත්‍රය

star_outline

මිච‍්ඡාදිට‍්ඨි කම‍්මසමාදාන සුත‍්තං ඛුද‍්දකනිකායො ඉතිවුත‍්තකපාළි තිකනිපාතො තතියවග‍්ගො

 වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී.

දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා, අරියානං උපවාදකා, මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා.
තං ඛො පනාහං භික‍්ඛවෙ නාඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා සුත්‍වා වදාමි.

​"මහණෙනි, කාය දුෂ්චරිතයෙන් යුක්ත වූ, වචී දුෂ්චරිතයෙන් යුක්ත වූ, මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූ, ආර්යයන් වහන්සේලාට බොරුවෙන් චෝදනා කරන්නා වූ, මිථ්‍යා දෘෂ්ටික වූ, මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූ සත්ත්වයෝ මා විසින් බුදුනුවණින් දක්නා ලදී. ඔවුන් කය බිඳී මරණින් මතු සැපයෙන් තොර වූ, නපුරු ඉපදීම් ඇති, හිස පහළට සිටින සේ වැටෙන නිරයෙහි ඉපදුණහ."

​"මහණෙනි, මම මෙය වෙනත් ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අසාගෙන නොකියමි. මහණෙනි, මෙම කාරණාව තමා විසින්ම නුවණින් අවබෝධ කරගෙන, තමා විසින්ම නුවණින් දැක, තමා විසින්ම නුවණින් දැන, මම එය ප්‍රකාශ කරමි."

​ සූත්‍ර විවරණය

​බුදුරජාණන් වහන්සේ මෙම දේශනාවේදී මරණින් මතු අපාගාමී වීමට හේතුවන කාරණා රාශියක් පැහැදිලි කර දෙන සේක.

​කාය දුෂ්චරිතය: කයින් වරදවා හැසිරීම හෙවත් කයින් පව් කිරීම කාය දුෂ්චරිතයයි. ප්‍රාණඝාතය, සොරකම, කාමමිථ්‍යාචාරය කයින් කරන පාප ධර්මයන්ය.

​වචී දුෂ්චරිතය: වචනයෙන් වරදවා හැසිරීම හෙවත් වචනයෙන් පව් කිරීම වචී දුෂ්චරිතයයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම වචනයෙන් සිදුකරන පාප ධර්මයන්ය.

​මනෝ දුෂ්චරිතය: මනසින් වරදවා හැසිරීම හෙවත් මනසින් පව් කිරීම මනෝ දුෂ්චරිතයයි. අන්සතු වස්තුවට ආසා කිරීම නම් වූ අභිජ්ඣාවද, "නැසේවා, වැනසේවා!" ආදී වශයෙන් සිතන ව්‍යාපාදයද, කර්මය හා කර්මඵලය මෙලොව හා පරලොව නොපිළිගන්නා මිථ්‍යාදෘෂ්ටියද මනසින් සිදුකරන පාප ධර්මයෝ ය.

​අරියානං උපවාදකා:

ආර්යයන් වහන්සේලාට බොරුවෙන් චෝදනා කිරීම. මෙයද ඉතා බලවත් වූ පාපකර්මයකි. ආර්යයන් වහන්සේලාට චෝදනා කිරීමෙන් මෙලොවම එහි විපාක බොහෝ විට ලැබෙන්නේය. මරණින් මතුද අපාගාමී වන්නේය. ආර්ය උපවාදය කළ අය මේ ජීවිතයේදී මාර්ගඵල ආදිය නොලබයි. ආර්යයන් වහන්සේලාගෙන් සමාව ලබා ගතහොත් මාර්ගඵල ලැබීමට ඇති බාධාව ඉවත් වී යයි. සෝවාන් ආදී මාර්ගඵල ලාභී ආර්යයන් වහන්සේ කෙනෙකුට නිරපරාදයේ චෝදනා කළහොත්, උන්වහන්සේ සමීපයට ගොස් සමාව ගත යුතුය. උන්වහන්සේ මරණයට පත්වී හෝ අපවත් වී හෝ ඇත්තේ නම්, සොහොනට ගොස් වැඳ සමාව ගත යුතු බව ධර්ම ග්‍රන්ථයන්හි දක්වා ඇත.

​මිච්ඡාදිට්ඨිකා: මිථ්‍යාදෘෂ්ටි ගතවීම. මිථ්‍යා දෘෂ්ටිය යනුවෙන් ප්‍රධාන වශයෙන් සලකනු ලබන්නේ දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියයි. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය මෙසේය: