එම දස කුසල ධර්මයන් පහත දැක්වේ:
පාණාතිපාතා වේරමණී කුසලං - ප්‍රාණඝාතයෙන් වැළකීම.
අදින්නාදානා වේරමණී කුසලං - සොරකමින් වැළකීම.
කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං - කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම.
මුසාවාදා වේරමණී කුසලං - බොරු කීමෙන් වැළකීම.
පිසුණාවාචා වේරමණී කුසලං - කේලාම් කීමෙන් වැළකීම.
පරුසාවාචා වේරමණී කුසලං - පරුෂ වචන කීමෙන් වැළකීම.
සම්පප්පලාපා වේරමණී කුසලං - හිස් වචන (පළාපල්) කීමෙන් වැළකීම.
අභිජ්ඣාය වේරමණී කුසලං - අනුන් සතු දේ කෙරෙහි දැඩි ලෝභයෙන් වැළකීම.
ව්‍යාපාද වේරමණී කුසලං - ක්‍රෝධයෙන් හා වෛරයෙන් වැළකීම.
මිච්ඡාදිට්ඨි වේරමණී කුසලං - වැරදි දෘෂ්ටියෙන් වැළකීම.
මෙම අකුසලයන්ගෙන් වැළකීම මගින් සිදුවන කුසලයන්, සිහියෙන් යුත් තැනැත්තා විසින්ම සම්පාදනය කළ යුතුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදීම යනු බුද්ධිමත් ශ්‍රාවකයාගේ නිත්‍ය චර්යාවයි.