ඒතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තේසං මංගලමුත්තමං
මෙබඳු ආකාර වූ, ප්‍රකාශ කරන ලද්දා වූ මේ මංගල ධර්මයන්හි යෙදී; ස්කන්ධ මාර, කෙලෙස් මාර, අභිසංස්කාර මාර, දේවපුත්ත මාර යන ප්‍රභේද හතරක් ඇති සතුරන් හතර දෙනාගෙන්ම පරාජයට පත් නොවී, තමාම ඒ සතර මාරයන් පරාජය කොට, "සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති" - ලොව පරලොව සියලු ස්ථානයන්හි යහපතටම ගමන් කරති. එය ඔවුන්ට උතුම් මංගල කරුණු වන්නේය.
පූජනීය දොළොස්වල උඩිත දීර ස්වාමින් වහන්සේ විසින් කියන ලද, පූජනීය කලවානේ සංගාමජි ස්වාමින්වහන්සේ සහ පූජනීය මීපාගම සංඝරතන ස්වාමීන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද , සංසිප්ත වූ මංගල සූත්‍රය විස්තරය අවසානය.