පොත් ලැයිස්තුව

පුණ්‍යානුමෝදනාව

star_outline

​ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයෙහි ශ්‍රීමත් මහානායක, ගෞරව ශාස්ත්‍රවේදී, ත්‍රිපිටක විශාරද, අති පූජනීය කදංගොඩ සමිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ මෙම කුඩා ග්‍රන්ථය නිර්මාණය කරන ලද බව නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරමින් සඳහන් කරමි.

​මෙම ධර්ම ග්‍රන්ථය තුළ සරල සූත්‍ර දේශනා කීපයක් ඇසුරින් ලියන ලද ධර්ම දේශනා ඇතුළත් වෙයි. එම ධර්ම දේශනා නවක ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා පැවැත්වීම සඳහා උපකාර වේ යැයි අප සිතන්නෙමු.

​​නිවිතිගල පිටකැලය ගම අභිනවාරාමාධිපති, ශාස්ත්‍රවේදී, පූජනීය නාකුළුගමුවේ මහින්දවංශ ස්වාමීන් වහන්සේ මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කරවා නොමිලේ බෙදා දීම පිණිස දායකත්වය දරනු ලැබූහ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා! උන්වහන්සේ නමින් මියපරලොව ගියා වූ සියලු ඥාතීන්ටත් මෙම පින් අත්වේවා! ඒ අයගේ පරලොව ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සසර ගමන සුවපත් වේවා, උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා! මෙම ග්‍රන්ථය පරිශීලනය කරන නවක ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා!

​මෙයට,

ත්‍රිපිටකාචාර්ය දොළොස්වල උදිතධීර හිමි,

ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානය,

කල්‍යාණි මාවත, කොට්ටුන්න, බියගම.