ශරීරයේ ඇති පඨවි ධාතු විස්ස:
පඨවි ධාතුව අධිකව ඇති කොටස් විස්සක් ශරීරයෙහි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙයි.
- කෙස්
- ලොම්
- නියපොතු
- දත්
- සම
- මස්
- නහර
- ඇට
- ඇටමිදුලු
- වකුගඩු (ඉන් පළමුවන දහයයි.)
- හදවත
- අක්මාව
- දළඹුසිවිය (කිළඟුමස් / ප්ලීහාව)
- බඩ
- දිව
- පෙනහලු
- බඩවැල්
- බඩවැල් බඳින (අන්ත්‍රගුණ)
- නොදිරූ ආහාර
- දිරන ලද අසූචි බවට පත් වූ ආහාර (සහ හිස්මොළ)
මෙසේ කය තුළ පඨවි ධාතු විස්සක් පිහිටා තිබෙයි. මෙයින් අන්‍ය වූ තද ගතියෙන් යුතු, ගොරෝසු ගතියෙන් යුතු යමක් වේද, ඒ සියල්ලද පඨවි ධාතූන්ය. ධාතු යන වචනය පෙර විස්තර කරන ලදී; සත්ත්වයෙක් නොවන, පුද්ගලයෙක් නොවන, ජීවියෙක් නොවන දෙය ධාතු යන නමින් හඳුන්වනු ලබයි.