පොත් ලැයිස්තුව

අසුර අපාය

star_outline

​අසුර අපාය නමින් හඳුන්වන්නේ ද කාලකඤ්ජක නම් ප්‍රේත කොටසයි. හිරු එළිය, සඳ එළිය කෙසේවත්ම නොලැබෙන, තද ගණ අඳුරෙන් වැසුණු, තද සීතලෙන් අතරක් නැතිව පීඩා ලැබෙන, උපන් අයගේ ශරීරය සිඳ බිඳ දමන තරම් භයානක මුහුදු ජලයෙන් යුත් චක්‍රාවාට තුනක් මැද උපන්නා වූ ප්‍රේත කොටසක් ඇත. ඔවුහු කාලකඤ්ජක නම් වෙති. කාලකඤ්ජක ප්‍රේතයෝම අසුර යන නමින් හඳුන්වනු ලැබේ. අසුර අපාය යනු ද මෙයට නමකි.

​ප්‍රේත සහ අසුර අපාය තුළ ඉපදීමට හේතු

​තමා සොයන දෙයින් දන් නොදෙන අය ද, අනුන්ට ඊර්ෂ්‍යා කරන අය ද, ලෝභයෙන් අධිකව වාසය කරන අය ද, තමා සතු සම්පත් අන් අයට නොදී සඟවන මසුරුකමින් යුක්ත අය ද, දස අකුසල කර්මයන් කරන්නෝ ද, අනුන්ට ලැබෙන ලාභ සත්කාර වළක්වන්නෝ ද, මව්පියන් කෙරෙහි ලැජ්ජා භය නොදක්වා කටයුතු කරන අය ද, අනුන්ගේ පින්කම්වලට අන්තරාය කරන අය ද, 'මලමුත්‍ර කන්න' කියා අනුන්ට නින්දා අපහාස කරන අය ද, අධර්මයෙන් යුතුව ගම්වැසියන්ට පීඩා ලබා දෙන අය ද, ඡන්ද, දෝස, භය, මෝහ කියන සතර අගතියෙන් නොමඟ යන අය ද, අල්ලස් ලබා ගන්නා අය ද ප්‍රේතාත්මවල සහ අසුර ආත්මවල උපත ලබති.

​සංජීව නිරය, කාලසූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවීචි නිරය, niraya, apaya, aramaha niraya, sathara apaya,