පොත් ලැයිස්තුව

2. ලෝකෝත්තර සම්මා ආජීවය

star_outline

අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ, මාර්ග අංගයක් වූ සම්මා ආජීවයක් ඇත. එනම් ආර්ය චිත්තය සමඟ යෙදෙන, අනාශ්‍රව චිත්තය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය වඩන තැනැත්තාගේ සිත තුළින් මිථ්‍යා ආජීවය කෙරෙහි යම්:

  • ආරති - නොඇලීමක් වේද,
  • විරති - වැළකීමක් වේද,
  • පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,
  • වේරමණී - දුරු කිරීමක් වේද,

එය ලෝකෝත්තර සම්මා ආජීවයයි.

මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය

මෙම සම්මා ආජීවය උපදවා ගත් තැනැත්තා වීර්යයෙන් යුතුව මිථ්‍යා ආජීවය දුරු කරයි; වීර්යයෙන් යුතුව සම්මා ආජීවය උපදවා ගනියි. එය ඔහුගේ සම්මාවායාමයයි.

ඔහු සතිමත්ව මිථ්‍යා ආජීවය දුරු කරයි; සතිමත්ව සම්මා ආජීවය දියුණු කරයි. එය ඔහුගේ සම්මාසතියයි.

සම්මා ආජීවය සමඟ පෙර පසු නොවී, සහජාත වශයෙන් (එක්ව ඉපදීමෙන්) මෙන්ම පුරේජාත වශයෙන් ද සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන එක්ව යෙදෙයි, ගමන් කරයි.

(මජ්ඣිම නිකාය, මහා චත්තාරීසක සූත්‍රය)