පොත් ලැයිස්තුව

පෙරවදන..

star_outline

සබ්බදානං ධම්මදානං ජිනාති

​අන් අයට යම්කිසි දෙයක් දීම හෝ උපකාර කිරීම 'සංග්‍රහය' නමින් හඳුන්වනවා. ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදී භෞතික දේවල් ලබාදීම ආමිස සංග්‍රහයයි. කෙනෙකුගේ ජීවිතයට ධර්මය ලබාදීම ධර්ම සංග්‍රහයයි. ආමිස සංග්‍රහයත් ධර්ම සංග්‍රහයත් අතරින් ධර්ම සංග්‍රහයම අග්‍ර වන බව තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේදී දේශනා කළ සේක.

අපගේ ආදරණීය පියාණන් වන බී. ඥානදාස මහතාටත්, මේ පින්පෙත් අත්පත් වේවා! ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා! සැප බහුල වේවා! සංසාර ගමන සුවපත් වේවා! සසර දුක් ගිනි නිවේවා! උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා!

අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක අති ගෞරවණීය ත්‍රිපිටකාචාර්‍ය ,ගෞරව ශාස්ත්‍රවේදී පූජණීය

කදන්ගොඩ සමිත මහානායක ස්වාමීන්වහන්සේටත්,කුකුළු දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අති පූජණීය රත්නපුරේ සීවලී නායක ස්වාමීන්වහන්සේටත් ,අප නිකායේ ලේඛකාධිකාරි ධූරය හොබවන අපගේ ආචාර්යවර පූජනීය දෙල්වල මුදිත නායක ස්වාමින්වහන්සේටත් ,අධිකරණ සංඝනායක ,ගෞරව ශාස්ත්‍රවේදී විල්ලඹේ අමිත නායක ස්වාමීන්වහන්සේටත්, පූජනීය මීපාගම සංඝරතන ස්වාමීන් වහන්සේටත්, විවිධ අයුරින් උපකාර කළ පූජනීය කලවානේ සංඝාමජී ස්වාමීන් වහන්සේට සහ පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන් වහන්සේටත් අපගේ ගෞරවපූර්වක පින් අනුමෝදනාව පිරිණමමු.එසේම ධම්මදස්සි බෞද්ධ මධ්‍යස්ථානයෙහි ගරු සභාපතිතුමා, ලේකම්තුමිය, භාණ්ඩාගාරික තුමිය ඇතුළු සියලු දායක දායිකාවන්ටත්, මාසික දානය සහ පෝය දානය පිරිනමන සැමටත්, මෙම කටයුත්තට දායකත්වය දැක්වූ සැමටත් පින් අනුමෝදන් කරමු.

​මේ සියලු පින් පින්වත් ඔබ සැමගේ මෙලොව යහපතටත්, පරලොව සුගතියටත්, කෙළවර ශාන්ත අමා නිවන් සුව පිණිසත් හේතු වාසනා වේවා!

​මෙයට - සම්පාදක

පූජනීය දොළොස්වල උදිතධීර හිමි.

ධම්මදස්සි බෞද්ධ මධ්‍යස්ථානය,

කල්‍යාණි මාවත, කොට්ටුන්න, බියගම.