සුත්ත නිපාතය. පරායන වර්ගය.
(ඉච්චායස්මා පුණ්ණකෝ)
අනේජං මූල දස්සාවිං අත්ථි පඤ්හේන ආගමං
කිං නිස්සිතා ඉසයෝ මනුජා - ඛත්තියා බ්‍රාහ්මණා දේවතානං
යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ - පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමේතං
කිං නිස්සිතා ඉසයෝ මනුජා - ඛත්තියා බ්‍රාහ්මණා දේවතානං
යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ - පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමේතං
ආයුෂ්මත් පුණ්ණක මෙසේ විමසයි:
තණ්හාව නැති, අටලෝ දහමින් කම්පා නොවන, අකුසල මූලයන් දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සමීපයට ප්‍රශ්නයක් විමසීම පිණිස පැමිණියෙමි. මේ ලෝකයෙහි ඉසිවරයෝද, මනුස්සයෝද, ඛත්තියෝද, බ්‍රාහ්මණයෝද කුමක් ඇසුරු කරගෙන දෙවියන් උදෙසා පිදීමට පූජාවස්තු සොයත් ද? (බොහෝ යාග කරද්ද?) භාග්‍යවතුන් වහන්ස, මේ කාරණාව නුඹ වහන්සේගෙන් විමසමි. මෙම කාරණාව දේශනා කරනු මැනවී.
(පුණ්ණකාති භගවා)
යේ කේචිමේ ඉසයෝ මනුජා
ඛත්තියා බ්‍රාහ්මණා දේවතානං
යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ
ආසිංමානා පුණ්ණක ඉත්ථභාවං
ජරං සිතා යඤ්ඤමකප්පයිංසු
ඛත්තියා බ්‍රාහ්මණා දේවතානං
යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ
ආසිංමානා පුණ්ණක ඉත්ථභාවං
ජරං සිතා යඤ්ඤමකප්පයිංසු
බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ:
පුණ්ණකය, මේ ලෝකයෙහි යම්කිසි ඉසිවරයෝද, මනුස්සයෝද, ක්ෂත්‍රියෝද, බ්‍රාහ්මණයෝද දෙවියන් උදෙසා යාග කළාහු නම්, ඔවුහු මතු (දෙව් මිනිස්) ආත්මභාවයන් ප්‍රාර්ථනා කරමින්, ජරාව (සසර දුක) නිසා යාග කළෝය.
ධර්මාර්ථ විස්තරය
මේ ලෝකයෙහි බොහෝ මිනිසුන් දෙවියන් උදෙසා යාග කරති. ඔවුන් එසේ යාග කරන්නේ කුමන හේතුවක් නිසාද යනුවෙන් පුණ්ණක මානවක විමසයි. එවිට තථාගතයන් වහන්සේ විසින් මෙසේ දේශනා කළහ: "පුණ්ණකය, මේ ලෝකයෙහි මනුස්සයෝද, ක්ෂත්‍රියෝද, බ්‍රාහ්මණයෝද පංචකාම වස්තූන් ප්‍රාර්ථනා කරමින් (ආසිංමානා), වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම ආදී දුක්වලින් නිදහස් වීම හෙවත් 'මම ලෙඩ නොවෙම්වා, මම වයසට නො යත්වා, මම මරණයට පත් නොවෙම්වා' යනුවෙන් ප්‍රාර්ථනා කරමින් යාග කරති."
එසේම, "අනාගතයේදී මා හට සැප බහුල වූ දිව්‍ය ජීවිත ලැබේවා, මිනිස් ජීවිත ලැබේවා" යනුවෙන් අනාගත සැපවත් බව ප්‍රාර්ථනා කරමින්ද යාග කරති යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
ගාථා
(ඉච්චායස්මා පුණ්ණකෝ)
යේ කේචිමේ ඉසයෝ මනුජා
ඛත්තියා බ්‍රාහ්මණා දේවතානං
යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ
කච්චිස්සු තේ භගවා යඤ්ඤපථේ අප්පමත්තා
අතාරු ජාතිං ච ජරං ච මාරිස
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං
ඛත්තියා බ්‍රාහ්මණා දේවතානං
යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලෝකේ
කච්චිස්සු තේ භගවා යඤ්ඤපථේ අප්පමත්තා
අතාරු ජාතිං ච ජරං ච මාරිස
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං
පුණ්ණක මාණවක මෙසේ විමසයි:
මේ ලෝකයෙහි ඉසිවරයෝද, මනුස්සයෝද, ක්ෂත්‍රියෝද, බ්‍රාහ්මණයෝද යන මෙබඳු බොහෝ යාගකරුවෝ දෙවියන් උදෙසා යාග කරති. භාග්‍යවතුන් වහන්ස, ඔවුහු යාග මාර්ගයෙහි අප්‍රමාදීව (වෙහෙසී) යාග කරමින්, ඉපදීමද ජරාවද තරණය කළාහුද? නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගෙන් විමසමි. භාග්‍යවතුන් වහන්ස, මේ කරුණ මට දේශනා කළ මැනවි.
(පුණ්ණකාති භගවා)
ආසිංසන්ති ථෝමයන්ති
අභිජප්පන්ති ජුහන්ති
කාමාභිජප්පන්ති පටිච්ච ලාභං
තේ යාජයෝගා භවරාගරත්තා
නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි
අභිජප්පන්ති ජුහන්ති
කාමාභිජප්පන්ති පටිච්ච ලාභං
තේ යාජයෝගා භවරාගරත්තා
නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි
බුදුරජාණන් වහන්සේ පුණ්ණක මානවකයා හට මෙසේ පිළිතුරු දේශනා කළහ:
පුණ්ණකය, ඔවුහු පංචකාම වස්තූන් ප්‍රාර්ථනා කරති. යාගය යහපත් යැයි ප්‍රශංසා කරති. සම්පත් ලැබීම පිණිස ආසාවෙන් මතුරති (යාඥා කරති). යාගයන්හි යෙදී වාසය කරන්නා වූ, භවරාගයෙහි රැදුන ඔවුහු ජාතිජරා ආදී සසර තරණය නොකළහ යැයි මම කියමි.
(ඉච්චායස්මා පුණ්ණකෝ)
තේ වේ නාතරිංසු යාජයෝගා
යඤ්ඤේහි ජාතිං ච ජරං ච මාරිස
අථ කෝ චරහි දේව මනුස්සලෝකේ
අතාරි ජාතිං ච ජරං ච මාරිස
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං
යඤ්ඤේහි ජාතිං ච ජරං ච මාරිස
අථ කෝ චරහි දේව මනුස්සලෝකේ
අතාරි ජාතිං ච ජරං ච මාරිස
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මේතං
පුණ්ණක මානවක මෙසේ විමසයි:
නිදුකාණන් වහන්ස, ඔවුහු යාගයන්ගෙන් ජාති ජරා මරණ ආදී සසර දුක තරණය නොකළාහු නම්, එසේ නම් දෙව්මිනිස් ලෝකයෙහි කවරෙක් නම් ජාති ජරාවන් තරණය කළේද? නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගෙන් විමසමි; භාග්‍යවතුන් වහන්ස, මේ කාරණාව මට දේශනා කරන සේක්වා.
(පුණ්ණකාති භගවා)
සංඛාය ලෝකස්මිං පරෝවරානි
යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලෝකේ
සන්තෝ විධූමෝ අනීඝෝ නිරාසෝ
අතාරි සෝ ජාතිජරන්ති බ්‍රෑමී
යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලෝකේ
සන්තෝ විධූමෝ අනීඝෝ නිරාසෝ
අතාරි සෝ ජාතිජරන්ති බ්‍රෑමී
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:
පුණ්ණකය, මේ ලෝකයෙහි තමාගේ සහ අනුන්ගේ ආත්මභාවයන් නුවණින් විමසා දැනගත්, යමකුට ලෝකයෙහි කිසි තැනක කිසිදු කෙලෙස් කම්පනයක් නැද්ද, සන්සුන් වූ, දුශ්චරිත නම් දුමෙන් තොර වූ, දුක් නැත්තා වූ, ආසා නැත්තා වූ ඒ රහතන් වහන්සේ ජාතිජරාවන් තරණය කළේ යැයි මම කියමි.
ධර්මාර්ථ විස්තරය
අප්‍රමාදීව දෙවියන් උදෙසා යාග කරන්නා වූ මනුස්සයෝ ජරා, මරණ සංඛ්‍යාත සසර දුක ගෙවා දමන්නේදැයි පුණ්ණක තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ.
එම අවස්ථාවේදී තථාගතයන් වහන්සේ විසින් මෙසේ පිළිතුරු ලබාදුන්හ: "ඔවුන් දෙවියන්ට නොයෙක් ආකාරයෙන් යාග කරමින්, රූප ශබ්ද ආදී පඤ්චකාම වස්තුන් ප්‍රාර්ථනා කරති. යාගය ඉතා යහපත් යැයි යාගයෙහි වටිනාකම පවසති. කාම වස්තූන් ලබා ගැනීම පිණිසම නොයෙක් වචන ප්‍රකාශ කරති. කාම වස්තූන් ප්‍රතිලාභය සඳහාම නැවත කාමයන් කැමැත්තෙන්ම මතුරති, යාඥා කරති. යාගයන්හි යෙදී වාසය කරන, බවයෙහි අධික ලෙස ඇලී සිටින ඔවුන් සසර දුක තරණය නොකළ පිරිසකි" යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
එවිට පුණ්ණක මෙසේ විමසයි: "නිදුකාණන් වහන්ස, යාග කරන ඔවුන් යාගයන් හේතු කරගෙන ජාති, ජරා, මරණ ආදී දුකින් එතෙර වන්නේ නැත්නම්, දෙව්මිනිසුන් සහිත මේ ලෝකයෙහි ජරා, මරණ දුකින් එතෙර වන්නේ කවුද?"
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ:
"මෙම ලෝකයෙහි තමාගේ ආත්මභාවයත් අනුන්ගේ ආත්මභාවයත් නුවණින් විමසා දැනගෙන" - ඉන් අදහස් කරන්නේ ආත්මභාවය යනු ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ස්වභාවයෙන් යුතු දෙයක් බව නුවණින් විමසා අවබෝධ කරගැනීමයි. එසේ අවබෝධ කරගත්තා වූ තැනැත්තාට, මේ ලෝකයෙහි කෙලෙසුන්ගෙන් සිදුවන කිසිදු කම්පනයක් නැති බව උන්වහන්සේ දේශනා කළහ.
අකම්පිත වූ සිතක් දරන ඒ රහතන් වහන්සේ, කෙලෙස් සංසිඳ වූ බැවින් ශාන්ත වූ කෙනෙකු බවත්, කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත යන ත්‍රිවිධ දුෂ්චරිතයන් හෙවත් දස අකුසලකර්මයන් නම් වූ දුම නැති කළ කෙනෙකු බවත්, තණ්හාව නැති බැවින් නිරාස (ආසා නැති) කෙනෙකු බවත් දේශනා කළහ. එසේම එම රහතන් වහන්සේ ජාති, ජරා, මරණ ආදී සියලු දුක් තරණය කළේ යැයි ප්‍රකාශ කළහ.