පොත් ලැයිස්තුව

පඨම සම්මත්තනියාම සුත්තං

star_outline

අංගුත්තර නිකාය (තතියෝ භාගෝ)

පඤ්චක නිපාතෝ

​(සාවත්ථිනිදානං)

පඤ්චහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි පඤ්චහි:

මහණෙනි, ධර්ම පහකින් යුක්තව සද්ධර්මය අසන්නේ නම්, කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට බැසගැනීමට නුසුදුසු වෙයි (අභව්‍ය වෙයි). කවර ධර්ම පහකින්ද යත්:

​(කෙටි සටහන: සම්මත්ත නියාමය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. නිවන් මාර්ගය හඳුන්වන නමකි. පූර්ව භාග ප්‍රතිපදාව හෙවත් නිවනට අනුරූප වූ, නිවනට ගැලපෙන්නා වූ ප්‍රතිපත්තිය හඳුන්වන නමකි. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය හඳුන්වන නමකි.)

කථං පරිභෝති, කථිකං පරිභෝති, අත්තානං පරිභෝති, වික්ඛිත්තචිත්තෝ ධම්මං සුණාති අනේකග්ගචිත්තෝ, අයෝනිසෝ ච මනසිකරෝති.

  1. කතාවට පරිභව කරයි:

(ඔබ ඔය කියන බණ කතාව කුමක්ද? කිසි පිළිවෙළක් නැත. මුල මැද අග ගැලපෙන්නේ නැත ආදී වශයෙන් දහම් කතාවට නින්දා අපහාස කරයි, අගෞරව කරයි.)

  1. ධර්ම කථිකයාට පරිභව කරයි:

(ධර්ම දේශකයන් වහන්සේට අපහාස කිරීම. "මොහු අදක්ෂය, ධර්ම විනය ඉගෙනගෙන නැත, බණ කීමට දන්නේ නැත, ස්වල්ප දෙයක් දැනගෙන කියන්නේය" මෙසේ නොයෙක් ආකාරයෙන් දේශකයාට පරිභව කරයි.)

  1. තමාට පරිභව කරයි.
  2. එකඟ නොවූ සිත් ඇතුව, විසුරුණු සිතින් යුතුව ධර්මය අසයි:

(බණ ඇසීම සංවර වූ සිතකින් කළ යුතුය. කියන කියන බණ පදයක් පාසා අවධානය යොමු කළ යුතුය. සිත නොයෙක් අරමුණු වලින් හැසිරෙන විට සිතෙහි සංවර බව නැත. එම තැනැත්තාට ධර්මය අවබෝධ කර ගැනීම අපහසුය.)

  1. අයෝනිසෝ මනසිකරෝති නුවණින් තොරව. මෙනෙහි කරයි.

ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං.

මහණෙනි, මෙම ධර්මතා පහෙන් යුක්තව සද්ධර්මය අසන විට කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි.

පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝ සද්ධම්මං භබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි පඤ්චහි:

මහණෙනි, ධර්ම පහකින් යුක්තව සද්ධර්මය ශ්‍රවණය කරන්නේ නම්, කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට (ආර්ය අෂ්ඨාංගික මාර්ගයට) බැස ගැනීමට සුදුසු වෙයි (භව්‍ය වෙයි). කවර ධර්ම පහකින්ද යත්:

න කථං පරිභෝති, න කථිකං පරිභෝති, න අත්තානං පරිභෝති, අවික්ඛිත්තචිත්තෝ ධම්මං සුණාති ඒකග්ගචිත්තෝ, යෝනිසෝ ච මනසිකරෝති.

  1. කතාවට පරිභව නොකරයි.
  2. දහම් කථිකයාට පරිභව නොකරයි.
  3. තමාට පරිභව නොකරයි.
  4. එකඟ වූ සිත් ඇතුව, නොවිසුරුණු සිතින් බණ අසයි.
  5. නුවණින් මෙනෙහි කරයි: (යෝනිසෝ මනසිකරෝති)

ඉමේහි ඛෝ භික්ඛවේ, පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝ සද්ධම්මං භබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තන්ති.

මහණෙනි, මේ ධර්ම පහෙන් යුක්තව සද්ධර්මය අසන්නේ නම්, කුසල ධර්මයන්හි සම්මත්ත නියාමයට (ආර්ය අෂ්ඨාංගික මාර්ගයට) බැස ගැනීමට සුදුසු වෙයි.