ඉදිරියට යාම, ආපසු ඒම, අත්පා දිගහැරීම සහ හැකිලීම ආදී වූ සියලු කායික ක්‍රියාවන් පවත්වනු ලබන්නේ සිතේ උපදින අභිප්‍රාය (චිත්තාධිප්පාය) අනුවය. සිත නිසා හටගන්නා වූ වායෝ ධාතුව හා එක්ව, කයෙහි සෙලවීම් හෝ ඉරියව් වෙනස් කිරීම් ඇති කරන රූප ස්වභාවය 'කාය විඤ්ඤත්ති රූපය' නමින් හඳුන්වයි.යමෙකු ගමනක් යන විට හෝ අතපය සොළවන විට, ඔහුගේ සිතේ ඇති අදහස එම කායික ක්‍රියාවන් මඟින් අන් අයට ද තේරුම් ගැනීමට හෝ දැක ගැනීමට හැකියාව ලැබේ. එලෙස සිතේ ඇති අදහස කය මඟින් අන් අයට ප්‍රකාශ කරන හෙවත් දන්වන රූපය කාය විඤ්ඤත්තියයි.