පොත් ලැයිස්තුව

නන්දති සූත්‍රය

star_outline

​ නන්‍දතිසුත‍්තං සංයුත‍්තනිකා යොසගාථවග‍්ගො. දෙවතාසංයුත‍්තං. නන්‍දනවග‍්ගො

​භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි සේක. එකල එක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීවේය:

​"නන්දති පුත්තේහි පුත්තිමා

​නන්දති සූත්‍ර විග්‍රහය

​"නන්දති පුත්තේහි පුත්තිමා"

"නන්දති" යන වචනයේ තේරුම "සතුටු වෙයි" යන්නයි. "පුත්තිමා" යනු බොහෝ දරුවන් සිටින අයව හඳුන්වන වචනයකි. බොහෝ දරුවන් සිටින විට, එක් දරුවෙකු ගොවිතැන් කොට ධාන්‍ය ගෙනවිත් නිවසේ ධාන්‍ය ගබඩා පුරවයි. තවත් දරුවෙකු වෙළඳාම් කොට රන්, රිදී, මුතු, මැණික් සහ මිල මුදල් ගෙන එයි. තවත් දරුවෙක් රජුට උපස්ථාන කරමින් යාන වාහන, ගම් නියම්ගම් තෑගි වශයෙන් ලබා ගනියි. ඔවුන්ගේ කුසලානුභාව බලයෙන් උපදින සම්පත් අනුභව කරමින් මව සහ පියා සතුටට පත්වෙති. විශේෂ උත්සව දිනවලදී ඔවුහු අතිශයින්ම සතුටට පත්වෙති. මේ කරුණු මුල් කරගෙන එම දෙවි කෙනා "නන්දති පුත්තේහි පුත්තිමා" - දරුවන් ඇති තැනැත්තා දරුවන් නිසා සතුටු වෙයි - යනුවෙන් පැවසීය.

​"ගෝමිකෝ ගෝහි තථේව නන්දති"

දරුවන් ඇති කෙනා දරුවන්ගෙන් සතුටුවන්නාක් මෙන්ම, ගවයන් ඇති කෙනා (ගෝමිකෝ) ගව සමූහය දැක, පස් ගෝ රස ලබා, ඒවා අනුභව කරමින් ගවයන් නිසා සතුටු වෙයි.