පොත් ලැයිස්තුව

​ නන්ද මානවක මෙසේ පවසයි:

star_outline

(ඉච්චායස්මා නන්දෝ)

ඒතාභිනන්දාමි වචෝ මහේසිනෝ

සුකිත්තිතං ගෝතම නූපධීකං

යේ සූධ දිට්ඨං ව සුතං මුතං වා

සීලබ්බතං වා පි පහාය සබ්බං

අනේකරූපම්පි පහාය සබ්බං

තණ්හං පරිඤ්ඤාය අනාසවා සේ

අහං පි තේ ඕඝතිණ්ණාති බ්‍රෑමීති

​මහා ඉසිවර වූ ඔබ වහන්සේගේ වචනය මම සතුටින් පිළිගනිමි. ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උපධි රහිත වූ නිර්වාණය මනාකොට ප්‍රකට කරන ලදී. මේ ලෝකයෙහි යම් කෙනෙක් සියලු දෘෂ්ටීන් ද, සියලු සුතයන් ද, සියලු මුතයන් ද (මුත යනු ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර ආයතන තුනට නමකි), සීලබ්බතපරාමාසයද, නොයෙක් ආකාර වූ (මිථ්‍යා විසුද්ධි) ක්‍රමයන් ද අතහැර දමා, තණ්හාව පිරිසිඳ දැන ආශ්‍රව රහිත වූවෝ ඕඝ තරණය කළෝයැයි මම කියමි.