පොත් ලැයිස්තුව

මෝඝරාජ සුත්තං

star_outline

මෝඝරාජ මානවක මෙසේ විමසයි:

​(ඉච්චායස්මා මෝඝරාජා)

ද්වාහං සක්කං අපුච්ඡිස්සං

න මේ ව්‍යාකාසි චක්ඛුමා

යාව තතියඤ්ච දේවීසි

ව්‍යාකරෝතීති මේ සුතං

​මම දෙවරක්ම ශක්‍ය මුනින්ද්‍රයන් වහන්සේගෙන් ඇසුවෙමි. නුවණ නැමැති ඇස ඇත්තාවූ භාග්‍යවතුන් වහන්සේ මට දේශනා නොකළ සේක. මම තුන්වන වතාවටද අසමි. දෙවියන්ගේ ඉසිවරයා වූ තථාගතයන් වහන්සේ තුන්වන වර විමසන විට පිළිතුරු දේශනා කරතියි මා අසා ඇත්තෙමි.

මෝඝරාජ මානවක මෙසේ විමසයි:

​ලෝකෝ පරෝ ලෝකෝ

බ්‍රහ්මලෝකෝ සදේවකෝ

දිට්ඨිං තේ නාභිජානාති

ගෝතමස්ස යසස්සිනෝ

​මේ මිනිස් ලෝකයද, පරලොවද, බ්‍රහ්ම ලෝකයද සදිව්‍ය ලෝකයද යන සියලු ලෝකවාසී සත්වයෝ, යසස් ඇත්තාවූ ගෞතම ගෝත්‍ර ඇති ඔබ වහන්සේගේ අවබෝධය නොදන්නේය.

මෝඝරාජ මානවක මෙසේ විමසයි:

​ඒතං අභික්කන්තදස්සාවිං

අත්ථි පඤ්හේන ආගමං

කථං ලෝකං අවෙක්ඛන්තං

මච්චුරාජා න පස්සති

​මෙසේ උසස් ලෙස දකින තථාගතයන් වහන්සේගේ සමීපයට ප්‍රශ්න ඇසීම සඳහා පැමිණියෙමි. ලෝකය කෙසේ බලන විට මාරයා නොදකින්නේද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක

​සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු

මෝඝරාජ සදා සතෝ

අත්තානුදිට්ඨිං ඌහච්ච

ඒවං මච්චුතරෝ සියා

ඒවං ලෝකං අවෙක්ඛන්තං

මච්චුරාජා න පස්සතීති

​මෝඝරාජයෙනි, සැම කල්හි සිහියෙන් යුතුව ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය දුරුකොට, ලෝකය (ස්කන්ධ ධාතු ආයතන ලෝකය) ශූන්‍ය වශයෙන් බලව. මරණය තරණය කළේ වෙයි. එසේ ලෝකය බලන විට මාරයා දකින්නේ නැත.