අංගුත්තර නිකායෝ ඉන්ද්‍රිය වග්ගෝ
"චත්තාරිමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි චත්තාරි?
සද්දින්ද්‍රියං විරියින්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රියං.
ඉමා ඛෝ භික්ඛවේ චත්තාරි ඉන්ද්‍රියානීති."
මහණෙනි, ඉන්ද්‍රිය ධර්ම හතරකි. එම ඉන්ද්‍රිය ධර්ම හතර කවරේද?
ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය යනුයි.
මහණෙනි, මේ ඉන්ද්‍රිය ධර්ම හතරයි.
ධර්මාර්ථ විස්තරය
මෙම දේශනාවේදී තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම හතරක් දේශනා කළ සේක. පංච ඉන්ද්‍රිය නමින් හඳුන්වන ඉන්ද්‍රිය ධර්ම පහක් ද තිබේ. මෙහිදී එම ඉන්ද්‍රිය ධර්ම පහෙන් හතරක් පමණක් දක්වා ඇත.
අප විසින් මෙම ධර්මාර්ථ විස්තරයේදී පංච ඉන්ද්‍රිය ධර්ම විස්තර කරනු ලැබේ.