පොත් ලැයිස්තුව

5. අත්ථි අයං ලෝකෝ (පරලොව සිටි තැනැත්තාට මෙලොවක් ඇත)

star_outline

මින් අදහස් කරන්නේ අතීත සංසාර ගමන විශ්වාස කිරීමයි, පිළිගැනීමයි. මව්පියන් නිසාම පමණක්ම ඉපදුණ බව භෞතිකවාදීන්, හෙවත් භෞතික විද්‍යාව ගුරු කරගත් අය සිතති. එහෙත් එය මිත්‍යාදෘෂ්ටියකි. සෑම සත්ත්වයෙකුටම අතීත සංසාර ගමනක් තිබුණේය.

පටන් ගත්ත කෙළවරක් ද නොපෙනෙන බව සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළහ:

"අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, පුබ්බාකෝටි න පඤ්ඤායති"

(මහණෙනි, සසර පටන් ගත්ත කෙළවර නොපෙනේ.)

යනුවෙන් බුදුරජාණන් වහන්සේ සසරෙහි දීර්ඝ බව ද දේශනා කළහ. අතීත සසරක් පැවති බව පිළිගැනීම මෙම සම්මා දිට්ඨියයි. අතීතයේ සිටි කෙනෙකු මියගොස්, කර්මානුරූපව මෙලොව උපත ලද බව විශ්වාස කිරීම මින් අදහස් කරයි.